පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පවතින විහාරස්ථාන 11,100 කට ආසන්න විහාරස්ථානවල ආරක්ෂාව සදහා පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් 50,000 කට ආසන්න පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඒ අනුව පොලිස් නිලධාරීන් 20,000 ක්, පොලිස් විශේෂ කාර්ය බළකාය 400 ක්, යුද හමුදා නිලධාරීන් 700 ක් , ප්‍රජා පොලිස් සාමාජිකයන් 27,000 ක් ද යොදවා තිබේ.
එමෙන්ම පොසොන් උත්සවය පැවැත්වෙන් මිහින්තලය, ශ්‍රී මහාබෝධිය, අටමස්ථාන, තන්තිරිමලේ, අවුකන, විජිතපුර හා නාමල් උයන සිද්ධස්ථාවනවලට විශේෂ ආරක්ෂාවක් සලසා ඇති බවට වාර්තා වේ.
එසේම අනුරාධපුර ජලාශවල දින නාන පිරිසගේ ආරක්ෂව සදහා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 400 කට ආසන්න සංඛ්‍යාවක් රාජකාරීයේ යෙදවා තිබෙන අතර අනුරාධපුර සිද්ධස්ථාන ආශ්‍රිතව 4000 කට වැඩි පොලිස් නිලධාරීන් පිරිසක් යොදවන බවද පොලිසිය පවසයි.