සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමක් අද (15) පැවැත්වෙන බවට පැතිර ඇති පුවත් අසත්‍ය බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. මරිකාර් මහතා කියයි.
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පැවැත්වෙන බවත්, එය පැවැත්වෙන්නේ සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂය තුළ දැරූ තනතුරුවලින් ඉවත් කිරීමේ විභවය පිළිබඳව සාකච්ඡා කිරීමට බවට පැතිර ඇති පුවත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ.
කෙසේවුවද, මේවන විට කොළඹ දිසා අධිකරණය විසින් සමගි ජන බලවේගයේ සභාපති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය, කැලණිය සංවිධායක ධුරය අත්හිටුවීම හා විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් සමගි ජන බලවේගය පක්ෂයට වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.