“ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රිය ගමන්වාරයක් අද (10) නානුඔය සිට බදුල්ල දුම්රිය ස්ථානය තෙක් ආරම්භ වේ.
දෙස් විදෙස් සංචාරකයන්ගේ අධික ඉල්ලීම මත මෙම නව දුම්රිය ගමන ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසුවේය.
මෙම දුම්රිය අඟහරුවාදා දින හැර සතියේ සෑම දිනකම පෙරවරු 08.10 ට නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය වන අතර පස්වරු 01.00ට බදුල්ල සිට නානුඔය දක්වා ධාවනය කෙරෙනු ඇති බව දුම්රිය සාමාන්‍යධිකාරීවරයා සඳහන් කළේය.