Connect with us

පුවත්

අද හවසට දුම්රියේ ටිකට් නැතිව යා හැකියි: අතහිත දුම්රිය ස්ථානධිපතිවරු

Published

on

අද (14) සවස සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් වෘත්තීය ක්‍රියාමාර්ගග රැසක් ගැනීමට සැලැසුම්කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය කියාසිටී.

ඒ උසස්වීම් හා බඳවාගැනීම් මෙන්ම ආසන වෙන්කිරීමේ ගැටලු මුල් කරගනිමිනි.

මෙසේ ක්‍රියාත්මක කිරීමට සැලැසුම්කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග අතරින් අද සවස්වරුවේ දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීමට ගෙන ඇති තීන්දුව ජනප්‍රිය මාතෘකාවක් වී තිබේ.

කෙසේවුවද, මේ හේතුවෙන් දුම්රිය ප්‍රවේශපත්‍ර නොමැතිව මගීන්ට ගමන් කළ හැකි වීම හා මගී ආදායම් දුම්රිය දෙපාර්තුමේන්තුවට අහිමි වීමත් පාර්සල් බාර ගැනීම හා බෙදාහැරීම් අඩාළ වීමත් ඇතුළු විවිධ අලාභදායක ක්‍රියාදාමයන් සිදුවිය හැකි බව දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කර සිටියි.

දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසන්නේ දුම්රිය මෙහෙයුම් කටයුතු, දුම්රිය උප කාර්ය මණ්ඩල පාලන කටයුතු, පාර්සල් බාර ගැනීම හා බෙදාහැරීම, දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම හා ආදායම් වාර්තා දුම්රිය දෙපාර්තුමේන්තුවට ලබාදීම ඇතුළු කටයුතු රැසක්ම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට පැවරී ඇති බවය.

සිය වෘත්තීය ක්‍රියාමාර්ගය ගැන අද සවස රැස්ව අවසන් තීරණය ගන්නා බවද මේ අනුව ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ග විවිධ ආකාරයෙන් ගනු ඇති බවද සභාපතිවරයා කියා සිටියි.

අද දහවල් 02.00ට ප්‍රථම සිය ගැටලු සම්බන්ධයෙන් පිළිතුරක් ලබාදෙන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබෙන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් සංජය ජයසුන්දර මහතා කියයි.

දුම්රිය ස්ථානාධිපති, නියාමක, රියැදුරු, අධීක්ෂණ කළමනාකරු යන තනතුරු එකම කාණ්ඩයක පැවැතියත් විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් රියැදුරු, නියාමක, අධීක්ෂණ කළමනකරුවන්ට වසර පහෙන් පහට උසස් වීම් ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබෙන බවත් එම ක්‍රමවේදයට දුම්රිය ස්ථානාධිපතිවරුන්ද ඇතුළත් කරගන්නැයි බලකරන බවත් ලේකම්වරයා පවසයි.

විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් ඒ සඳහා අවසර ලබාගෙන ඇති මුත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ උසස් වීම් වසර දහයකට වරක් සිදුවීම බලවත් අසාධාරණයක් බවද හෙතෙම කියා සිටී.

මේ තත්ත්වය හේතුවෙන් ස්ථානාධිපතිවරුන්ගේ උසස් වීම් ද වසර පහෙන් පහට සිදුකරන්නැයි ඉල්ලා සිටින බවද ඔහු පවසයි.

එසේම දුම්රිය ස්ථානාධිපති තනතුරු 1372 ක් තිබෙන නමුත් මේ වනවිට සිටින්නේ ස්ථානාධිපතිවරුන් 900 කට ආසන්න සංඛ්‍යාවක් පමණක් බවත් ඉදිරි දෙවසර තුළ එම පිරිසද වැඩි වශයෙන් අඩු විය හැකි බවත් සඳහන් කරන දුම්රිය ස්ථානාධිපති සංගමය කඩිනමින් බඳවාගැනීම් සිදුකර පුරප්පාඩු පිරවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටියි.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved