පළමු ශ්‍රේණියට සහ උසස් පෙළට ළමුන් ඇතුළත් කිරීම පාසල් මගින් පමණක් සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එම කටයුතු කිසිදු අවස්ථාවක සිය අමාත්‍යාංශය හරහා සිදු නොවන බවයි.
පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම අදාල පාසල් මගින් පමණක් සිදු කෙරෙන අතර, උසස් පෙළ විෂය ධාරාව නොමැති පාසල් වල සිසුන් එම විෂය ධාරා ඇති පාසල් සදහා ඉල්ලුම් පත්‍ර අදාල පාසලටම යොමුකිරීම සිදු කළ යුතු අතර, එම අයදුම් පත්‍ර අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමුකිරීම සිදු නොකළ යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.