Connect with us

පුවත්

“අධිකරණයට අපහාස කිරීම” පිළිබඳ අලුත් නීති පාර්ලිමේන්තුවට!

Published

on

නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇති “අධිකරණයට අපහාස කිරීම” පිළිබඳ නීති හඳුන්වාදීමේ පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අමාත්‍යමණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

මේ පනත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අතර අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳව එහි නීති ඇළත් වේ.

මීට පෙර  “අධිකරණයකට අපහාස කිරීම” වරද පිළිබඳව පැහැදිලි සහ නිශ්චිත විධිවිධාන සහ අවස්ථානුගත තත්ත්ව, විත්තිවාචක සහ දඬුවම් ලිහිල් කිරීම සහ දඬුවම් ලිහිල් කිරීමේදී අනුගමනය කළ යුතු පටිපාටිය ඇතුළත් “අධිකරණයට අපහාස කිරීම” පිළිබඳ නීති හඳුන්වා දීම සඳහා 2022 06 27 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබිණි.

පුවත්

දේශබන්දුව ගෙදර යවන්න සජබ සහය

Published

on

By

මේ වන විට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහයෝගය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එම විශ්වාස භංග යෝජනාවට පක්ෂව සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය ලබා දෙන බව අද (25) පැවති වැඩමුළුවකදී ප්‍රේමදාස මහතා පැවසීය.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත්කරනු ලැබුවේආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බවත් පසුගිය රජය සමයේ සමගි ජන බලවේගය දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් කළ බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

මෙම පත්කිරීමට හිටපු ජනාධිපතිවරයා සේම කතානායකවරයා ද වගකිව යුතු බවත් ඔහු තවදුරටත් පැවසීය.

Continue Reading

පුවත්

රාජ්‍ය සේවක වැටුප් සංශෝධන චක්‍රලේඛය නිකුත් වෙයි

Published

on

By

2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවක වැටුප් සංශෝධන ඇතුළත් චක්‍රලේකය නිකුත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය අද (25) දිනයේ නිකුත් කර ඇත.

එම චක්‍රලේඛය පහතින්,

Continue Reading

පුවත්

හිටපු රාජ්‍ය ඇමති වියාලේන්ද්‍රන් රිමාන්ඩ්

Published

on

By

හිටපු රාජ්‍ය අමාත්‍ය එස් වියාලෙන්ද්‍රන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට එම කොමිසම විසින් පියවර ගෙන ඇත.

එහිදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා එළැඹෙන 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සබැඳි පුවත්

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved