Connect with us

පුවත්

නිදන්ගත බෝනොවන රෝග වැළැක්වීමට නව සැලැස්මක්

Published

on

නිදන්ගත බෝනොවන රෝග වැළැක්වීම හා පාලනය කිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති හා උපාය මාර්ගික රාමුවක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග හේතුවෙන් වසරකට මරණ එක්ලක්ෂ විසිදහසක් සිදුවන බවට සොයා ගෙන ඇති අතර එම මරණවලින් වැඩි ප්‍රතිශතයකට ප්‍රධාන හේතුව වන්නේ හෘද රෝග, ආඝාතය, පිළිකා, නිදන්ගත ශ්වසන රෝග සහ දියවැඩියාව වැනි රෝග තත්වයන් බවට හඳුනාගෙන ගෙන ඇත.

2009 වසරේ දී බෝ නොවන රෝග වැළැක්වීම සඳහා වන පළමු ජාතික ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර ඇති අතර එය ඇගයීමට හා සමාලෝචනයට ලක් කර, අදාල සියලු පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් සංශෝධිත නව ප්‍රතිපත්තිය කෙටුම්පත් කර ඇත.

පුවත්

සුවිශාල ඔන්ලයින් ගනුදෙනු වංචාවක්

Published

on

By

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පොදු ජන පෙරමුණේ  රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ගිණුම් හිමියන්ගේ කිසිම දැනුවත්භාවයකින් තොරව මුදල් වෙන ගිණුම් වලට මාරු කිරීම මෙම  ජාවාරම හරහා සිදු කෙරෙන බව කී වලේබොඩ මහතා තම ගිණුමෙන්  මුදල් ඇදීම සම්බන්ධයෙන් අඩු ගණනේ කෙටි පඩිවිඩයක්වත් නොලැබෙන අයුරින් මේ වංචාව  සිදුවන බව සඳහන් කළේය.

බලන්ගොඩ ස්වාමීන් වහන්සේ නමකගේ ගිණුමකින් ලක්ෂ එකොළහක්  වෙනත් ගිණුමකට මාරු කිරීම පිළිබඳව පෙරේදා 25 වැනිදා ලැබුණු පැමිණිල්ලකට අනුව  බැංකුවට ගොස් පරීක්ෂා කරන විට ඔන්ලයින්  ගනුදෙනු පුහුණු කරන ආයතනයක් විසින් පුහුණු කරන ලද ගෝල බාලයන් පිරිසක් දිවයිනේ විවිධ තැන්වල සිටිමින් මේ කටයුත්ත කරන බවට තොරතුරු හෙළි වී තිබෙන්නේ යැයිද  මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

එක් දිනයකදී ගිණුම් 50 ක් 60ක් පමණ ප්‍රමාණයකට  මෙලෙස මුදල් මාරු කර විශාල වංචාවක් සිදුවෙමින් තිබෙන බවද දින දෙක තුනක් ඇතුළතදී 1000 ගේ පමණ ගිණුම් වලින් මුදල් ඇද වංචා කර තිබෙන බවට වාර්තා වන්නේ යැයිද මන්ත්‍රීවරයා පැවසීය.

මෙම වංචාව සම්බන්ධයෙන්  මහ බැංකුවට මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිසමට දැනුම් දෙන ලෙස  පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටි ගාමිණී වලේබොඩ මහතා  පොලිසි වලට මෙන්ම මූල්‍ය බුද්ධි අංශවලට මේ ගැන ක්‍රියාත්මක වීමට ධාරිතාවක් නැති බව පැවසීය.

Continue Reading

පුවත්

මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට – රුසියාවට 

Published

on

By

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි පහසුකම් භාවිත කිරීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශවයන්ගෙන් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම සඳහා 2023-01-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇතැයි රජය පවසයි.

ඒ අනුව අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා ඇති අතර ආයතන 05ක් විසින් අභිලාෂ ප්‍රකාශ කිරීම් ඉදිරිපත් කර ඇත.

අමාත්‍ය මණ්ඩලය පත්කල සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ පරිදි මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි කළමනාකරණය ඉන්දියාවේ M/s Shaurya Aeronautics (Pvt)Ltd සහ රුසියාවේ Airports of regions management company වෙත හෝ එහි බද්ධ ව්‍යවසායකයක් වෙත වසර 30ක කාල සීමාවක් සඳහා පැවරීම පිණිස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ

Continue Reading

පුවත්

හෙට පැය 14ක වතුර කප්පාදුවක්

Published

on

By

ප්‍රදේශ කිහිපයකට පැය 14ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය දැනුම්දෙයි.

ඒ අනුව හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා කාලයක් ජල සැපයුම අත් හිටුවයි.

ජල සැපයුම අත් හිටුවන ප්‍රදේශ :

කොළඹ 05, කොළඹ 06, දෙහිවල, ගල්කිස්ස සහ මොරටුව නගරසභා බල ප්‍රදේශ, ජයන්තිපුර සහ පැලවත්ත

අඹතලේ ජල සැපයුම වැඩි දියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මඟින් සිදු කරන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත් හිටුවනු ලබන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved