මෙරට සිටි අවසන් පිරිමි සීබ්‍රා මියගොස් ඇති බව දෙහිවල ජාතික සත්වෝද්‍යානය පවසයි.
එම සීබ්‍රා මියගොස් ඇත්තේ රිදියගම සෆාරි උද්‍යානයේ සිට අභිජනන කටයුත්තක් සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යානයට රැගෙන ඒමෙන් අනතුරුවයි.
දෙහිවල සත්වෝද්‍යානයේ සේවකයින් චෝදනා කරන්නේ එම සත්වයාව රැගෙන ඒමේදී ලබා දුන් අධි මාත්‍රා එන්නත හේතුවෙන් මෙලෙස මියගොස් ඇති බවයි.