පුවත්

අධිවේගයේ ගේට්ටුවක් මෛත්‍රී ගිය කාරයමතට පත්වෙලා

Published

on

මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල අන්තර් හුවමාරුවේදී ඊයේ (04) පෙරවරුවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගමන් කරමින් සිටි මෝටර් රථය මතට මුදල් ගෙවීමේ ස්ථානයේ ඇති ගේට්ටුව වැටීම සම්බන්ධයෙන් ප්‍රභූ ආරක්ෂක අංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ඒ අදාළ ගේට්ටුව මෙසේ හිටපු ජනපතිවරයාගේ මෝටර් රථය මතට ඇද වැටී ඇති දෙවැනි අවස්ථාව මෙයවීම නිසාය.

එම අවස්ථා දෙකේදීම එම මුදල් ගෙවීමේ කවුන්ටරයේ සිට ඇත්තේ එකම නිලධාරියෙක්ද?, නැතිනම් මෙම සිදුවීම අහඹු සිදුවීමක්ද? යන්න පිළිබඳ සොයා බැලීමට මෙම පරීක්ෂණය පවත්වන බව පැවසේ.

කුරුණෑගල අන්තර් හුවමාරුවේදී මුදල් ගෙවීමේ කවුන්ටරය අසලදී හිටපු ජනාධිපතිවරයා ගමන් කළ මෝටර් රථය මතට ගේට්ටුව වැටී ඇත්තේ ඊයේ (04) පෙරවරුවේදීය.

Trending

Exit mobile version