අධිවේගී මාර්ගවල අවම වේග සීමාවක් නියම කිරීමට පියවර ගනිමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද (30දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ අඩු වේගයෙන් ගමන් කරන වාහන ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී ද අධිවේගී මාර්ගවල අනතුරු සිදුවන බවට හඳුනාගෙන ඇති බවයි.
එවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා අවම වේග සීමාවක් සකස් කිරීම වැදගත් බව සඳහන් කළ අමාත්‍යවරයා, අදාළ විශේෂඥයින් සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති බවත්, ඔවුන්ගේ කමිටු වාර්තාව අනුව හැකි ඉක්මනින් නව විධිවිධාන ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන බවත් පැවසීය.