පුවත්

අන්තරේ සිසුන් 20 දෙනාට ඇප

Published

on

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කොළඹ පැවති විරෝධතා පා ගමන අතරතුර අත්අඩංගුවට ගත් සිසුන් 20 දෙනා ඇප මත මුදාහැර තිබේ. 

ඒ ඔවුන් ඊයේ රාත්‍රි අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

රු. 25,000 බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදාහැරිමට අධිකරණය නියෝග කර තිබේ.

අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ ලබන 14 වැනිදා නැවත ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

Trending

Exit mobile version