පුවත්

අනියම් බිරිඳ නිසා ජනපති අපේක්ෂකයෙක් වැඩි ආරක්ෂාවක් ඉල්ලලා

Published

on

අපේක්ෂකයන් 39 දෙනාට ආරක්ෂාව සපයා දීමේදී ඉන් එක් අපේක්ෂකයකු වැඩි ආරක්ෂාවක් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

මෙම ජනාධිපති අපේක්ෂකයා තමාට වැඩි ආරක්ෂාවක් ඉල්ලා සිටියද, ඔහුට තර්ජනයක් ඇත්දැයි විශ්ලේෂණය කිරීමේදී ඔහුගේ අනියම් බිරියගේ ප්‍රශ්නය හැරෙන්නට වෙනත් ගැටලුවක් සොය‍ා ගැනීමට පොලිසියට නොහැකිවී ඇතැයි ද පැවසේ.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් ප්‍රධාන අපේක්ෂකයන් වන රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, නාමල් රාජපක්ෂ, විජයදාස රාජපක්ෂ යන අපේක්ෂකයන්ට විශේෂ ආරක්ෂාවක් සපයා දීමට තීරණය කර ඇතැයි ද එසේම දිලිත් ජයවීරටත් වැඩි ආරක්ෂාවක් ලබාදීමට තීන්දු කර ඇතැයි පැවසේ.

ඊට අමතරව ඉදිරිපත්ව ඇති අපේක්ෂකයන් හට ආරක්ෂාව සපයා දිය යුතුද යන්න විමසා බැලීමේදී කාන්තා ප්‍රශ්නය මුල් කරගත් අපේක්ෂකයා පමණක් විශේෂ ආරක්ෂාවක් ඉල්ලා තිබේ.

කෙසේවුවද, මැතිවරණ නීති ප්‍රක‍ාරව එසේ එක් එක් අයට විශ‍ේෂ ආරක්ෂාවක් ලබාදීම උචිත නොවන බව මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම්වල අදහස වී ඇත.

ඔවුන් පෙන්වා දෙන්​නේ මෙම අපේක්ෂකය​න් 39 දෙනාටම එකහා සමාන ආරක්ෂාවක් ලබාදිය යුතු බවයි.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version