මූල්‍ය වංචා රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුට එරෙහිව ගම්පහ, කැස්බෑව, රාගම, වේයන්ගොඩ, හෙට්ටිපොල, පානදුර දකුණ, මතුරට, තිහගොඩ, කෑගල්ල, අනුරාධපුර, ග්‍රෑන්ඩ්පාස් සහ ගොඩකවෙල යන පොලිස් ස්ථානවල පැමිණිලි 13ක් පවතින බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු අන්තර්ජාලය හරහා විවිධ පුද්ගලයින්ගේ බැංකු ගිණුම්වලින් තමාගේ ගිණුමට මුදල් බැරකර ගැනීම් සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී ස්මාර්ට්ෆෝන් 04ක්, කුඩා ජංගම දුරකථන 03ක් සහ සිම්කාඩ් 73ක් සොයාගෙන තිබේ.
කඳාන ප්‍රදේශයේ පදංචි 31 හැවිරිදි මෙම සැකකරු ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.