පුවත්

අනුමත ණය ගැනීමේ සීමාව සංශෝධනය කරන පනත් කෙටුම්පතට අනුමැතිය

Published

on

වසර 2022 සඳහා අනුමත ණය ගැනීමේ සීමාව සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා පසුගිය 17දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී තිබේ.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Trending

Exit mobile version