පුවත්

“අනුරගේ අත්සන තියෙන මුදල් නෝට්ටුවක් දකින්න අපිත් ආසයි”

Published

on

වත්මන් ආණ්ඩුව පත් වු පසු කිසිදු රටකින් ණය හෝ අලුතින් මුදල් අච්චු ගැසීමක් සිදු නොවු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී ඔහු කියා සිටියේ අලුතින් මුදල් අච්චු ගැසීමක් සිදු කිරීමට අවසර නොමැති බවය.

එමෙන්ම නව ජනාධිපතිවරයා අත්සනින් මුදල් නෝට්ටුවක් දැකීමට කැමැත්තක් ඇති බව ඔහු කියා සිටියේය.

එවැනි මුදල් අච්චු ගැසීමක් සිදු වුයේනම් එය ජනතාවට දකින්නට ලැබෙනු ඇති බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

Trending

Exit mobile version