Connect with us

පුවත්

අනුරගේ අමාත්‍ය මණ්ඩලය ගැන ඉඟියක්

Published

on

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අමාත්‍යවරුන් සිව් දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයාගේ දිවුරුම්දීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

අදාළ පත්කිරීම අද (23) සිදු නොකරනු ඇති බව ද ඇය අවධාරණය කළාය.

“තත්ත්වය හොඳයි. අනුර සහෝදරයා දිවුරුම් දුන්නා. අපි වැඩ පටන් ගන්නවා ඉතාමත් ඉක්මණින්. අද මොකුත් වෙන්නේ නැහැ. පුළුවන් තරම් ඉක්මනට සිද්ධ කරගෙන යනවා.

මාධ්‍යවේදීයා – ඔබතුමියට අගමැතිධුරය හම්බවෙනවා කියන කතාව ඇත්ත ද.?

හරිනි – නෑ.. අද කැබිනට් තනතුරු මොකක්දවත් වෙන්නේ නෑ

මාධ්‍යවේදීයා – ඔබතුමිය ද අගමැතිධුරය සඳහා සුදුසුකම් ලබලා තියෙන්නේ.?

හරිනි – තාමත් අපි හරි තීරණයක් අරන් නැහැ. හිටපු අගමැති අයින් වෙලා පුරප්පාඩුව පුරවන්න ඔනේ. ඒ ක්‍රියාවලිය සිද්ධ වුණායින් පස්සේ තමා අපේ කැබිනට් එක පත් කරගන්නේ.

මාධ්‍යවේදීයා – නව කැබිනට් මණ්ඩලය තීරණය කරලා ඉවරයි ද.? කොහොමද තුන් දෙනෙකුගෙන් අමාත්‍ය මණ්ඩලය පත් කරන්නේ.?

හරිනි – හතර දෙනෙක්.

මාධ්‍යවේදීයා – කොහොමද අමාත්‍යධුර දෙන්නේ.?

හරිනි – අපිට ඒක තාම කියන්න බැහැ. අපි හෙට ඒ ටික කතා කරමු.”

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved