පුවත්

අනුරගේ පෝස්ටර් ඇලවූ දෙදෙනෙක්ට අධිකරණයෙන් දඩ

Published

on

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ පෝස්ටර් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වරද පිළිගත් පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 1500/- බැගින් දඩ නියම කරන ලදී.

කුරුඳුවත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා අද (26) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කරන ලදී.

පොලීසිය සඳහන් කළේ, මෙම සැකකරුවන් දෙදෙනා ජනාධිපතිවරණ නීතිරීති උල්ලංඝනය කරමින් තම පොලිස් වසම තුළ අනුර කුමාර දිසානායක මහතාගේ පෝස්ටර් අලවමින් සිටියදී අත්අඩංගුවට ගත් බවය.

අදාළ චෝදනාවලට සැකකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව ඔවුන්ට මහෙස්ත්‍රාත්වරයා විසින් දඩ නියම කරන ලදී.

Trending

Exit mobile version