Connect with us

පුවත්

අනුරව අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා පැමිණිල්ලක්

Published

on

ජාතික ජන බලවේගය පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා වහාම අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් මහපොළොවේ ක්‍රියාත්මක සිවිල් සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඒ, 2007 වසරේ සිට තොරතුරු වසන් කර රාජ්‍ය දේපළ අවභාවිතා කරන බවට චෝදනා කරමිනි.

ඒ අනුව, අනුව කුමාර දිසානායක මහතා නීතිය ඉදිරියට පමුණුවන ලෙස ඉල්ලමින් එම මහපොළොවේ ක්‍රියාත්මක සිවිල් සංවිධානය වෙනුවෙන් දර්ශන තන්ත්‍රිගේ ඇතුළු පිරිසක් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය දේපල අවභාවිත කරන බවට එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා විසින් පිළිගෙන ඇති බවද එම සංවිධානය පෙන්වා දෙයි.

ඒ අනුව,  දීර්ඝ කාලයක් තිස්සේ කරන මෙම අවභාවිතාව හේතුවෙන් පොදු දේපළ පනත යටතේ අනුර කුමාර දිසානායක මහතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස ද එම පැමිණිල්ල මඟින් මහපොළොවේ ක්‍රියාත්මක සිවිල් සංවිධානය ඉල්ලා සිටී.

පුවත්

ඉදිරි දින කිහිපයේ කාලගුණයේ ලොකු වෙනසක්

Published

on

By

ඉදිරි දින කිහිපයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇත.

අද (17) දිනයේද බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ඉන් බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ උතුරු – මැද පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

මේ අතර වයඹ, උතුරු – මැද සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

Continue Reading

පුවත්

දකුණේ අයට ගුරුත්වාකර්ශනය අඩුයි, ආයුෂ වැඩියි

Published

on

By

ලොව අවම ගුරුත්වාකර්ෂණයට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ජීවත් වන්නන්ට ඉහළ ආයු අපේක්ෂාවක් ලැබීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා කියයි.

එම තත්ත්වය මත එම පළාතට සංචාරකයන් සහ විදෙස් ආයෝජකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමෙන් සංචාරක කර්මාන්තය තවත් දියුණු කරගත හැකි බව ද ඔහු පෙන්වාදෙයි.

ශ්‍රී ලංකාවේ පළාත් 9 අතුරින් ඉහළම ආයු අපේක්ෂා මට්ටමට හිමිකම් කියන්නේ දකුණු පළාතේ හම්බන්තොට සහ මාතර ආශ්‍රිතව ජීවත් වන පුද්ගලයන් බවත්, ඒ සඳහා ඉවහල් වී ඇති විවිධ සාධක අතුරින් නාසා ආයතනය ඉතා මෑතකදී හෙළි කළ චන්ද්‍රිකා තොරතුරුවලට අනුව ලොව අවම ගුරුත්වාකර්ෂණයට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශ හා මාලදිවයිනට නැඟෙනහිරින් පිහිටි ඉන්දීය සාගරය බව හෙළි වී ඇති බවත් මහාචාර්යවරයා කියා සිටී.

ඒ අනුව ලොව ධනකුවේරයන් දකුණු පළාතේ සංචාරය කිරීමට උනන්දු කරවීම, ඔවුන්ට ඒ ප්‍රදේශයේ දිගුකාලීනව ජීවත් වීමට ඉඩ ප්‍රස්තා ප්‍රවර්ධනය කිරීම මෙන්ම අවම ගුරුත්වාකර්ෂණ තත්ත්වය වඩාත් උචිත ලෙස යොදාගත හැකි කර්මාන්ත එම ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට විදෙස් ආයෝජකයන් දිරිගැන්වීම කාලෝචිත බවද මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා කියා සිටී.

විශේෂයෙන් යුරෝපීය සංචාරකයන් අතර ආයුර්වේදීය, බටහිර සහ දේශීය වෛද්‍ය ක්‍රම ඇතුළත් සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට පියවර ගැනීම කාලෝචිත බවද මහාචාර්යවරයාගේ අදහසයි. 

මහාචාර්යවරයා මේ තොරතුරු අනාවරණය කළේ 2000-02 සහ 2011-13 වර්ෂවලදී මෙරට ජීවන වගුවලින් හෙළි වූ ස්ත්‍රී-පුරුෂ ආයු අපේක්ෂා පිළිබඳ දත්ත පදනම් කර ගනිමිනි.

මූලාශ්‍රය – සිළුමිණ 

Continue Reading

පුවත්

ඉන්දියාවෙන් ලුණු එනවා ඒ නිසා හිග නෑ – ලුණු සමාගමේ සභාපති

Published

on

By

ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 30,000න් 20,000ක පළමු තොගය ලැබීමෙන් පසු ලබන 19 වැනිදා වන විට ඒවා වෙළෙඳපොළට නිකුත් කළ හැකි බැවින් හිඟයකින් තොරව ජනතාවට අවශ්‍ය ලුණු මිල දී ගත හැකි බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දනතිලක මහතා “සිළුමිණට”අනාවරණ කර තිබේ.

ලංකා ලුණු සමාගම ඇණවුම් කළ තවත් මෙට්‍රික් ටොන් 10,000ක් ඉදිරියේදී ලැබීමට නියමිත බවත්, ලබන සතියේ සිට ලුණු පැකට් ලක්ෂ දෙක බැගින් වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම පවසා ඇත.

ඉකුත් 14 වැනිදා සිට ලංකා ලුණු සමාගම මඟින් මේස ලුණු ග්‍රෑම් 400 ප්‍රමාණයේ පැකට් දිනකට ලක්ෂය බැගින් ලංකා සතොසට නිකුත් කිරීමට පියවර ගත් බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ඒ මහතා මීට පෙර පවසා තිබුණේ මේ වසරේදී ලුණු කැටයක් හෝ නිෂ්පාදනය කිරීමට නොහැකි වූ බවයි. 

ඒ පැවැති අයහපත් කාලගුණය නිසා බවද ඔහු පවසා තිබිණි.

සබැදි පුවත් :

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved