Connect with us

පුවත්

“අනුර එක්ක විවාදෙට මම එනවා”

Published

on

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ලබන 06 වැනිදා පැවැත්වීමට නියමිත විවාදයට විපක්ෂ නායකවරයා නොපැමිණෙන බැවින් ඒ සදහා තමා සහභාගී වීමට සුදානම් බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි

ඔහු මේ බව ප්‍රකාශ කළේ ලයිට්හවුස් දේශන ශාලාවේ පසුගිය බදාදා (22) පැවති ජනරජ දින සැමරුම සදහා එක්වෙමිනි.

“දැන් අනුර කුමාර ආරාධනා කරලා තියෙනවා රාජකීය විද්‍යාලයේ අහිංසක ආදී ශිෂ්‍යයෙක් වෙච්ච සජිත් ප්‍රේමදාස මහතාට. එතුමා අහිංසකයෙක්. ඇයි එතුමාට කරදර කරන්නේ. එතුමාට ඉන්න දෙන්න. දැන් මමත් අනුර කුමාරත් සමකාලීනයෝ. ඔහු උපාධිය ගත්තේ ටිකක් පරක්කු වෙලා. හැබැයි අපි දෙන්නා එක වයසේ. මමත් සමාජයේ යම්කිසි දෙයක් ලබා ගත්ත පුද්ගලයෙක් හැටියට සලකන්න පුළුවන්.ඒ නිසා මාත් එක්ක ලබන 6 වැනිදා දාපු සජිත් නොඑන විවාදයට දිලිත් ජයවීර එන්න කැමති කියලා පොඩ්ඩක් දා ගන්න. මම එතුමාගෙන් අමාරු ප්‍රශ්න කිසිවක් අහන්නේ නැති බවත් එතුමාගේ ඇදුම් පැළදුම් ගැනවත්, එතුමාගේ ව්‍යාපාරික පන්තිය ඒ චාරිකා ගැනවත්, පුද්ගලික ජීවිතය ගැනවත් මම අහන්නේ නැහැ.”

“එම විවාදයේදී අනුර කුමාර දිසානායකට මගෙන් අහන්න පුළුවන් නයා ගැන, පැණිය ගැන, ඇන්ටිජන් ගැන. මට ඒවාට උත්තර දෙන්නත් පුළුවන්.” 

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved