පුවත්

අනුර, තිස්ස කුට්ටිගෙන් බිලියන 10ක අපහාස වන්දි ඉල්ලයි!

Published

on

ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා වෙත රුපියල් බිලියන 10 බැගින් අපහාස වන්දි මුදලක් ගෙවන ලෙස නීතීඥවරයෙකු මාර්ගයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාට දැනුම් දී තිබේ.

දින 14 ඇතුලත එසේ නොකරන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරන බවත් එම ලිපියේ දැක්වෙයි.

අනුර දිසානායක මහතා විසින් මෝල්ටා රාජ්‍යයේ මුදල් ආයෝජනය කර ඇති බවට ඔවුන් විසින් පසුගියදා ජන හමුවක දී සිදු කරන ලද ප්‍රකාශය පදනම් කරගනිමින් මෙම අපහාස වන්දි මුදල ඉල්ලා ඇත.

Trending

Exit mobile version