යම් නීති මාලාවකට යටත්ව, ජනතාවට අනතුරක් නොවන ආකාරයෙන් බස් රථ සහ ත්‍රිරෝද රථ අලංකරණය කිරීම සඳහා අවසර ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.
බස් රථ හා ත්‍රිරෝද රථ අලංකරණය කිරීම වෙනම කර්මාන්තයක් මෙන්ම කලාවක් බවත් පැවසූ ඔහු කියා සිටියේ, ජනතාවට හානි නොවනවා නම් බස්රථ හා ත්‍රිරෝද රථ අලංකරණය කිරීමෙහි කිසිදු ගැටළුවක් නොමැති බවය.
මාර්ග නීති කඩ කිරීමට මෙන්ම ජනතාවට අපහසුතාවක් ගෙන දෙන ක්‍රියා සඳහා ඇති නීති එලෙසම ක්‍රියාත්මක කළ යුතු බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවේය.
නමුත් ජනතාවට හානි නොවන ආකාරයේ අලංකරණ කටයුතුවල නිරත වී ඇති බස්රථවලට හා ත්‍රිරෝද රථවලට සහනයක් දෙන මෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා පැවසීය.
මාර්ග බලපත්‍රවලට පිටින් හා බස්රථ බලපත්‍රවලට පිටින් නොයන බස් රථ අලංකරණ කටයුතු සිදුකිරීම වරදක් නොවන බවද ඔහු විසින් පෙන්වා දෙන ලදී.
.