පුවත්

අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට !

Published

on

හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය.

2014 වසරේදී ගංවතුර ආධාර වෙනුවෙන් රජයට ලැබුණු රුපියල් මිලියන 6.1ක මුදලක් සාපරාධී පරිහරණය කිරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුට අමතරව මෙම චෝදනාවට අදාළව තවත් 6 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Trending

Exit mobile version