පුවත්

“අනුර වතු ජනතාවගෙන් සමාව ගන්න ඕන”

Published

on

වතුකරයේ ජනතාවට පුරවැසිභාවය ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ එදා විරුද්ධ වූ නිසා අනුර කුමාර දිසානායක ජනාධිපති එම ජනතාවගෙන් දැන්වත් සමාව ගත යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (10) නුවරඑළිය කොටගල පැවැති ජන හමුවක් අමතමිනි.

එහිදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය මූලික වී වතුකරයේ ජනතාවට පුරවැසිභාවය ලබාදෙන විට ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඊට විරෝධය පළ කළ බවය.

1986 දී සිරිමා ශාස්ත්‍රී සහ සිරිමා ඉන්දිරා ගිවිසුම් දෙක යටතේ ඉන්දියාවේ හෝ ලංකාවේ පුරවැසිභාවය නොලැබුණු හැමදෙනාටම අප ලංකාවේ පුරවැසිකම ලබා දුන් අතර තොණ්ඩමාන් අමාත්‍යවරයා ගත් එම පියවරත් ජේ. ජයවර්ධන ජනාධිපතිවරයා ඊට ලබා දුන් සහයත් සමග අප සියලු දෙනා ඊට අනුකූලතාවය ලබා දුන් බව ඔහු කියා සිටියේය.

තවද ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මෙයට විරුද්ධ වු බවත් ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ මෙම ජනතාවගෙන් සමාව ගත යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

එදා ජනතා විමුක්ති පෙරමුණ වතුකරයේ ජනතාවට ඡන්ද අයිතිය ලබා නොදෙන ලෙස පැවසු ඔවුනට ඡන්දය දෙන්නේ කුමටදැයි රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රශ්ණ කර සිටියේය.

Trending

Exit mobile version