පුවත්

අනුර සුට්එක මාරු කරලා ඉන්දීය විදෙස් කටයුතු ඇමති හමුවෙයි

Published

on

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (05) ඉන්දියාවේ විදේශ කටයුතු ඇමති ආචාර්ය එස්. ජයශංකර් මහතා හමුවී තිබේ.

අපගේ ද්විපාර්ශ්වික සබඳතාව සහ එය තවදුරටත් ගැඹුරු වීමෙන් ලැබෙන අන්‍යෝන්‍ය ප්‍රතිලාභ පිළිබඳවත්, ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සහ ඉදිරි මාවත ගැන ද හොඳ සාකච්ඡාවක් පැවැත්වූ බව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා සිය X ගිණුමේ සටහනක් තබා තිබේ.

ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව අනුර කුමාර දිසානායක ඇතුළු නියෝජිත පිරිසක් අද උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගියේය.

අනුර කුමාර මහතා ඔහුව නිතර දැක පුරුදු ඇදුම් විලාසිතාව වෙනස් කරමින් බටහිර පන්නයට ටයි කෝට්  ඇද මේ හමුවට එක්ව දිටීම ද බොහෝදෙනාගේ කතාබහට ලක්ව තිබේ

Trending

Exit mobile version