පුවත්

අප්‍රේල් 10දා  ඉන්ධන බලපත්‍ර ක්‍රමය අත්හිටුවන්න තීන්දුවක් නෑ – කංචන

Published

on

අප්‍රේල් 10දා  ඉන්ධන බලපත්‍ර ක්‍රමය අත්හිටුවන්න තීන්දුවක් නෑ – කංචන

දැනට ක්‍රියාත්මකව පවතින ජාතික ඉන්ධන බලපත්‍ර QR කේත ක්‍රමවේදය අප්‍රේල් 10දා සිට අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ දැනට වෙන් කර ඇති කෝටා ක්‍රමය ක්‍රමක්‍රමයෙන් වැඩිකිරීමට ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමවේදයේ දත්ත විශ්ලේෂණය කරන බවයි.

ඉදිරි මාස කිහිපය තුළදී මුදල් අමාත්‍යාංශය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කරමින් මෙම ක්‍රමවේදය හා සම්බන්ධ තීරණය ගැනෙනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Trending

Exit mobile version