පුවත්

“අපේ තීරණය නියම වෙලාවට කියනවා”

Published

on

ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්‍ෂයේ ස්ථාවරය නියම වේලාවට ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසයි.

කිලිනොච්චියේදී ඊයේ (16) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

තවද පසුගිය ජනාධිපතිවරණ කිහිපයේදීම තම පක්ෂයේ ස්ථාවරය මැතිවරණවලට පෙර ප්‍රකාශ කළ බවත් මෙවරද එය එසේම ක්‍රියාත්මක කරන බවත් සියලු අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එනතුරු බලා සිටින බවද ඒ මහතා සඳහන් කර සිටියේය.

සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් රටටම කියා ඇති දේ බලා එය නිසි වේලාවට ප්‍රකාශයට පත් කරන බවද යැයිද වැඩිදුර අදහස් දක්වමින් මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශ කරන ලදී.

Trending

Exit mobile version