Connect with us

පුවත්

“අපේ පක්ෂයේ තනි අලියෙක් ජනාධිපතිවෙලා ඉන්නවා”

Published

on

ඇතැම් පුද්ගලයන් විසින් එක්සත් ජාතික පක්ෂය දියාරු කිරීමට විවිධ උත්සාහයන් ගත්තද තවමත් එජාපය නොනැසී එලෙසම පවතින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතා පවසයි.

රවී කරුණානායක මහතා විසින් මෙම අදහස් දක්වන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ කලාප සංවිධායකවරු 700කට පත්වීම ලිපි ප්‍රධානය කිරීමේ උත්සවය අමතමිනි.

“අපේ පක්ෂය ඒ විදිහටම තියෙනව. අපේ පක්ෂයේ තනි අලියෙක් ජනාධිපතිවෙලා ඉන්නවා. අපේ පාක්ෂිකයන් නැවත පක්ෂයට ඒකරාශී වෙන්න පටන් අරන් තිබෙනවා. තව දවස් එකසිය විසි පහකින් මේ රටේ ජනාධිපතිවරණයක් තිබෙනවා. අපේ රටේ නිර්පාක්ෂික අපේක්ෂකයා විදිහට අපි ඉදිරිපත් කරන වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා….

පසුගිය මාස තිහ ඇතුලේ මේ රටේ විශාල විප්ලවයක් ඇතිකළා. මාස විසිපහකට පෙර මේ රටේ විදුලිය තිබුණේ නැහැ. ඉන්ධන තිබුණේ නැහැ. ප්‍රවාහනය තිබුණේ නැහැ. ගෑස් තිබුණේ නැහැ. අද ඒ සියල්ල වෙනස් ආකාරයට වෙනස් කරලා තිබෙනවා. ජන ජීවිතයේ අමාරු වුණත් එදා තිබුණ තත්ත්වයට වඩා යහපත් කරලා නීති ගරුකව රට පාලනය කරන තත්ත්වයකට පත්කරල තිබෙනවා. ඩුප්ලිකේට් පක්ෂ තුළින් වසර 75ක් පරණ එක්සත් ජාතික පක්ෂය නැති කරන්නට බෑ. අවසන් ජනාධිපතිවරණයේදී අපේ අපේක්ෂකයාට ලක්ෂ පනස් පහක් පමණයි ඡන්ද ලබා ගැනීමට හැකියාව තිබුණෙ….

අනෙක් දේශපාලන පක්ෂ සිහින ලෝක වල සහ අන්තවාදී ගමන්වල සිටිනවා. ජනාධිපතිවරයා ඉන්දුනීසියාවේදී ඉලෝන් මස්ක් මුණ ගැහුණා. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගනුදෙනු කරන්න බැහැ කියපු අය කියන්න අරගෙන තිබෙනවා ඉලෝන් මස්ක් කියන්නේ ආර්ථික ඝාතකයෙක් කියලා. මෙවැනි සංවර්ධන  අපේක්ෂාවන් එක්ක වැඩ කරන මොහොතට විරුද්ධ වන අයට මේ රටේ අනාගතයක් තියෙනවද කියන කාරණය අපි සිතා බැලිය යුතු වෙනවා.”

පුවත්

හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ට ඇප

Published

on

By

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතිය දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

ඒ අනුව සැකකරුවන් තුන් දෙනෙකු රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් හා එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කල මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය හමුවට භාර දෙන ලෙසත් නියෝග කළාය.

ඉන් අනතුරුව නඩුව යළි නොවැම්බර් 14 යළි කැඳවීමටද මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.

Continue Reading

පුවත්

ගොවි විශ්‍රාම වැටුප ගැන නිවේදනයක්

Published

on

By

විශ්‍රාම වැටුප් අහිමිවී සිටින ගොවීන් සඳහා මේ මස සිට එම විශ්‍රාම වැටුප් ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

සිය ගැටලුව සම්බන්ධයෙන් ගොවීන් රජය වෙත කළ ඉල්ලීම් සලකා බලා එම විශ්‍රාම වැටුප් ගෙවීමට පියවර ගෙන ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

2012 /2013 කාලය තුළ ගොවි විශ්‍රාම වැටුප් අරමුදලට සිදුවු බලපෑම හේතුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීම මත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක වී සිටින ගොවීන්ගේ පසුවාරික අයකිරීමේ ක්‍රියාවලිය අඩාල වී ඇති බව සඳහන්ය.

මෙම තත්ත්වය හේතුවෙන් එම යෝජනා ක්‍රමය යටතේ දායකත්වය ලබා සිටි ගොවීන්ට වාරික නිසි පරිදි ගෙවීමට නොහැකි වී තිබේ.

මේ හේතුවෙන් වයස අවුරුදු 60 සම්පුර්ණ වන අවස්ථාවේ දී නොකඩවා කන්න දෙකක් තුළ වාරික 5ක් නියමිත දිනට නොගෙවීම මත ගෙවිය යුතු සම්පුර්ණ වාරික මුදලින් සියයට 75කට නොඅඩු වාරික ප්‍රමාණයක් ගෙවා ඇති ගොවීන්ට වැටුප් හිමිකම් අහිමි වී තිබුණි.

කෙසේවෙතත් මෙම වාරික ගෙවීමට නොහැකි වීම ගොවීන්ගේ අතපසුවීමක් නොවන බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය පෙන්වා දුනි.

ඒ අනුව අදාළ ඉල්ලීම් සලකා බලා සියයට 75ට වැඩි වාරික මුදලක් ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා ගෙවා ඇති ගොවීන් වෙනුවෙන් අදාළ වාරික මුදලට ගැලපෙන ප්‍රතිශතාත්මක මුදලක් විශ්‍රාම වැටුප ලෙස ලබා දීම සම්බන්ධයෙන් කෘෂි කර්ම අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

ඒ අනුව ගොවි විශ්‍රාම වැටුප් උපදේශක කාරක සභාව වෙත යොමුකර එහි නිර්දේශ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මාසිකව ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ අවස්ථාව මේ මස සිට ගොවීන්ට ලබාදීමට කටයුතු සංවිධානය කර ඇති බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේය.

Continue Reading

පුවත්

කරදියාන කසළ අංගනයේ ගින්නක්

Published

on

By

පිළියන්දල කරදියාන කසළ අංගනයේ ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.

ගින්න නිවීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ජල බව්සර් හතරක්, ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිනිබටයන් 15කුත් කණ්ඩායමක් ඒ සඳහා යොමු කර ඇති බව එහි ස්ථාන භාර නිලධාරී දුල්සිරි කුමාර මහතා පැවසුවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved