පුවත්

අපේ පක්ෂයේ සැලුන් දොරක් නෑ ( වීඩියෝ )

Published

on

මතලේ මධ්‍ය හමුව

මාතලේ මාධ්‍ය හමුව | එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඞ

Posted by United Democratic Voice on Tuesday, October 22, 2024

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂ සැලුන් දොරවල් නොමැති බව එහි නායක, රංජන් රාමනායක මහතා පවසයි.

ඒ අනුව සිය පක්ෂයට ඇත්තේ පෙනේරයක් පමණක් බව ඒ මහතා කියා සිටියේය.

මාතලේ ග්‍රෑන්ඩ් මවුන්ටන් හොටලයේ මේ වනවිට පැවැත්වෙන ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කලේය.

සිය පක්ෂයට මෙවර විපක්ෂයක් පමණක් නිර්මාණය කළ හැකි බව ඒ මහතා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තම පක්ෂයෙන් ඉදිරිපත්වීමට සැලසුම් කළ දූෂණයට, වංචාවට ගෑවුණු සියළුදෙනා අපේක්ෂකත්වයෙන් ඉවත් කිරීමට සිදුවූ බවයි රංජන් රාමනායක මහතා අවධාරණය කළේය.

ඒ අනුව තම පක්ෂය දිස්ත්‍රික් නවයකට පමණක් තරඟ කරන බවත්, මෙවර ආණ්ඩුවක් සෑදීමට බලාපොරොත්තු නොවුනද, විකල්ප පාලන ක්‍රමයක් සමග තම පක්ෂය ඊළග ආණ්ඩුව සෑදීමට සූදානම් බවත් ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Trending

Exit mobile version