අභියාචනාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරු ධුර සඳහා පත්කිරීම් සිදු නොකිරීමෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.
ජනාධිපති නීතිඥවරයෙකු වන සේනක වල්ගම්පාය විසින් එම පෙත්සම ගොනුකර ඇත.
ඒ අනුව, එම පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය විභාගයට ගැනීමට අද (12) අවසර ලබා දෙන ලදී.