පුවත්

අභියාචනාධිකරණ පුරප්පාඩු දෙකට නම් තුනක්; ශ්‍රේෂ්ඨාධිකරණයේත් පුරප්පාඩුවක් 

Published

on

අභියාචනාධිකරණයේ පුරප්පාඩු දෙකක් පිරවීම සඳහා නම් තුනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කර තිබේ.

මේ සඳහා ජ්‍යෙෂ්ඨතම මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනා වන ගිහාන් කුලතුංග සහ දමිත් තොටවත්ත යන මහත්වරුන් නම් කර ඇත්තේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසිනි. 

නීතිපති සංජය රාජරත්නම් මහතා එම පුරප්පාඩුව සඳහා සලකා බැලීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේන් ගොපල්ව මහතා නම් කර ඇත.

ඉන් නම් දෙකක් ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සඳහා ජනාධිපති වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා විශ්‍රාම යාමත් සමඟ ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩුවක් ඇති වීමට නියමිතයි.

Trending

Exit mobile version