දෙවසරකට ඉහතදී නිට්ටඹුව නගරයේදී විරෝධතාකරුවන්ගේ ප්‍රහාරයකට ලක්ව මියගිය පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරළ මහතා හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා සිහිපත් කිරීම සඳහා ඊයේ (09) නිට්ටඹුව නගරයේ පැවැති උත්සව අවස්ථාවට පොදුජන එක්සත් පෙරමුණේ හෝ වෙනත් කිසිදු මහජන නියෝජිතයකු සහභාගී නොවී නොසිටි බව වාර්තා වේ.
පොදුජන පෙරමුණේ තරුණ සංවිධානය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන සිහිපත් කිරීම සඳහා මෙම ගුණ සමරුව සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාවට සහභාගි වූ පොදු ජන ගුරු සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ සහ නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කුමාර මහතා මල් කළඹ තබා හිටපු මන්ත්‍රිවරයාට හා පොලිස් නිලධාරියාට උපහාර පුද කරනු ලැබීය.