Connect with us

පුවත්

අමාත්‍යංශ බොහොමයකට ඉලක්ක වෙත යන්න බැරි වෙලා!

Published

on

මෙම වසරේ ලබාදී තිබූ ඉලක්ක වෙත යාමට අමාත්‍යාංශ බොහොමයක් අසමත් වී ඇතැයි ජනපති ලේකම් සමන් ඒකනායක මහතා ජනපතිවරයාට වාර්තාවකින් දැනුම් දී ඇත.

ජනාධිපති කාර්යාලය විසින් සියලු අමාත්‍යාංශවල ප්‍රගතිය සමාලෝචනය කරමින් කරන ලද විමර්ශනයකින් මේ බව හෙළිවී තිබේ.

අයවැයෙන් මම වසරට වෙන් කළ මුදල් නිසියාකාරව වියදම් නොකිරීම, ඉලක්ක වෙත නොයාම, යෝජිත ව්‍යාපෘති අසාර්ථක වීම යන කරුණු මෙමගින් පෙන්වා දී ඇත.

පුවත්

 මුතියංගණ විහාරයේ ‘මධූ’ වලකට වැටී මරුට!

Published

on

By


මහියංගණ රාජමහා විහාරයේ ඇසළ පෙරහර මංගල්‍යයට රැගෙනවිත් සිටි බදුලු මුතියංගණ රාජමහා විහාරයට අයත් ‘මධූ’ නමැති ඇතින්න ඊයේ (12) පස්වරුවේ හසලක සෙවෙල බෝක්කුව ප්‍රදේශයේදී පැරැණි වැසිකිළි වළකට වැටී එහි සිරවී ජීවිතක්ෂයට පත්ව ඇතැයි හසලක පොලීසිය පවසයි.

ඇසළ පෙරහර මංගල්‍යයට පැමිණ සිටි අලි ඇතුන්ට ආහාර පිණිස ලබාදීම සඳහා කිතුල් කොට තොගයක් ඇතින්න ලොරියකට පටවන අතරතුර මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

වයස අවුරුදු පහක් පමණ වන විට එම ඇතින්න බදුලු මුතියංගණ රාජමහා විහාරයට ලැබී ඇති අතර මිය යන විට අවුරුදු තිහක් පමණ වයසෙහි පසු වූ බව පොලිසිය කියයි.

වැසිකිළි වළකට ඇදවැටුණු ‘මධූ’ ඇතින්න ගොඩට ගැනීමට ප්‍රදේශවාසීන්, පොලිසිය, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මහත් ප්‍රයත්නයක් දැරූ අතර රාත්‍රී හතට පමණ ඇතින්න මියගිය බව පොලිසිය පවසයි.

වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පශ්චාත් මමරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇත.

හසලක පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිසානායක මහතාගේ උපදෙස් මත විමර්ශන සිදුකෙරේ.

Continue Reading

පුවත්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට දින නියම වෙයි

Published

on

By

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26 වෙනිදා පැවැත්වීමට දින නියම කර තිබේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ව නාමයෝජනා භාරගැනීම ඉකුත් 09 වනදා ආරම්භ විය.

එය අද (12) මධ්‍යහ්න 12න් අවසන් කෙරුණි

Continue Reading

පුවත්

ජයග්‍රහණය සමරන හැටි අනුර කියයි

Published

on

By

අනෙකාට රිදවීමකින් තොරව ජයග්‍රහණය සමරන්නේ කෙසේදැයි ලබන 22 වනදා ඔප්පු කර පෙන්වන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ආගම දේශපාලන වේදිකාවේ අලෙවි කරන දෙයක් නොවිය යුතු බව ද ඒ මහතා කියා සිටියේය.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මහනුවර පැවති ජන රැළියකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියෙය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved