Connect with us

පුවත්

යාල ගල්ආරේ කැළේ කපන්නෝ සොයන්න කොළඹින් කට්ටියක් යයි!

Published

on

යාල, ගල්ආර ප්‍රේරණ කලාපයේ කැළය කපා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නිලධාරින් පිරිසක් අද (28) කොළඹන් පිටත්ව ඇතැයි වාර්තා වේ.

එම ප්‍රදේශයේ තිබූ වසර දෙසීයක් තුන් සියයක් පැරණි පලු, වීර ආදී ගස් ගලවා පෙරළා දමා තිබෙන අතර අක්කර 40ක පමණ භූමි ප්‍රමාණයක් වට කොට අඩි හතළිහක් පමණ පළලට මාර්ගයක්ද සලකුණු කර ඇතැයි පැවසේ.

දින 5ක් තිස්සේ දෙබරවැව ප්‍රදේශයේ ලී වෙළෙඳ ව්‍යාපාරිකයකු විසින් මෙම විනාශය සිදුකරගෙන යන බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මෙම අක්කර 40න් අක්කර 30ක් මෙම ව්‍යාපාරිකයාටත් සෙසු අක්කර 10 ලුණුගම්වෙහෙර වන සංරක්ෂණ නිලධාරින් කිහිපදෙනකුටත් ලැබෙන ආකාරයෙන් මේ හෙළිකිරීම් සිදුකර ඇතැයි පැවසේ.

මේ පිළිබඳව ලුණුගම්වෙහෙර අඩවි වන නිලධාරි කුමුදු රෝහණ මහතා මාධ්‍යට පවසා ඇත්තේ පවසා මෙවැනි වීමක් තමන් වෙත වාර්තා වී නොමැති බවත්, එලෙස හෙළි පෙහෙළි කිරීමක් සිදු කරන්නේ නම් පරිසර වාර්තාවක් ලබා ගැනීමටත් අවශ්‍ය බවයි.

මෙම වනාන්තරය තුළ දිවුල් පලු වීර වැනි වන සතුන් ආහාරයට ගන්නා පැළ වර්ග බහුලව දැකිය හැකි අතර මෙම ශාක විනාශ කිරීම තුළින් වන අලි ගම්වැදීම වැළැක්විය නොහැකි බවත් පරිසරවේදීන් පෙන්වා දෙයි.

වියළි කාලයට වන සතුන්ට ජලය ලබා ගැනීම සඳහා කුඩා වැව් මෙම ප්‍රදේශය ස්ථාපනය කොට ඇති අතර එම කුඩා වැව් සඳහා ජලය ලැබෙන්නේ ගල් ආර මගින් බවත් එම ජලය ලැබෙන ආරවල් සියල්ල හරස්කොට මෙම මහා පරිමාණ ඉඩම් ජාවාරම සිදුකරන බව පරිසරවේදී ප්‍රින්ස් සුරේන්ද්‍ර දහනායක මාධ්‍ය වෙත අනාවරණයක් කර ඇත.

මේ පිළිබඳව තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් චන්දිමා මනම්පේරි මහත්මිය පවසා ඇත්තේ වන සංරක්ෂණ ඉඩම් හෙළි පෙහෙළි කරන බවට නිතර වාර්තා වන බැවින් ඒ පිළිබඳව නිසි ක්‍රියාමාර්ග ගැනීමට ලුණුගම්වෙහෙර වන සංරක්ෂණ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි.

Continue Reading

පුවත්

ලෝක ජනමාධ්‍ය නිදහස දිනය අදයි

Published

on

By

ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දිනය අදට (03) යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව “ජනමාධ්‍ය නිදහස් දිනයේ තේමාව, ‘අයිතිවාසිකම්වල අනාගතය හැඩගැස්වීම අනෙකුත් සියලුම මානව හිමිකම් සඳහා ධාවකයක් ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස’  යන්නයි.

1991 වර්ෂයේදී යුනෙස්කෝ සංවිධානය මුල්වරට ලෝක නිදහස් ජනමාධ්‍ය දිනය පිළිබඳ යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර,

එයින් අනතුරුව 1993 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ලෝක නිදහස් මාධ්‍ය දිනය ලෙස මැයි මස 03 වැනි දින නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදී.

මාධ්‍ය වෙත එල්ල වී ඇති අභියෝග, බලපෑම් සහ ගැටලු හඳුනා ගැනීම සහ ඒවාට විසඳුම් සෙවීම මෙම දිනය නම් කිරීමේ අරමුණ යි.

එතැන් සිට ලෝකයේ එක් එක් රටවල් මෙම දිනය සැමරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධාන කරන අතර විශ්ව මානව හිමිකම් ප්‍රකාශනයේ 19 වැනි වගන්තියට අනුව මිනිසාට තොරතුරු ලබා ගැනීමට, තොරතුරු ප්‍රකාශ කිරීමට ඇති මානව හිමිකම යන අදහස ව්‍යාප්ත කිරීමේ අරමුණ ඇතිව මෙම දිනය ප්‍රකාශයට පත් කර තිබේ.

මෙවර ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දිනය සමරන්නේ 31 වන වරටයි.

1986 වසරේ දෙසැම්බර් 17 වැනිදා සිය පුවත්පත් කාර්යාලය ඉදිරිපිටදී අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ කොලොම්බියානු මාධ්‍යවේදී ගිලෙමො කානෝ අනුස්මරණය කිරීම වෙනුවෙන් මේ දිනය වෙන්කර ඇත.

ඉකුත් අවුරුදු 10 තුළ ලොව පුරා මාධ්‍යවේදීන් 929 දෙනකු ඝාතනය කර ඇති බවට වාර්තා වන අතර මාධ්‍යවේදීන්ට අනතුරුදායකම රට ඉරාකය වේ. දෙවැන්න සිරියාවයි.

රටවල් 180ක් ඇසුරින් සැකසෙන ලෝක නිදහස් ජනමාධ්‍ය දර්ශකයේ පළමු තැන පසුගිය වසරේ දී හිමිවූයේ නොර්වේ රාජ්‍යයටයි.

2022 වසරේ දී ශ්‍රී ලංකාවට හිමිවූයේ ලෝක නිදහස් ජනමාධ්‍ය දර්ශකයේ 146 වැනි ස්ථානයයි.

Continue Reading

පුවත්

ලාෆ්  ගෑස් මිලත් පහලට

Published

on

By

ලාෆ්  ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව  ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා  අද (3)  නිවේදනය කළේය.

ඒ අනුව කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 110 කින් ද, පහළ දැමූ බවත්,

නව මිල අද (3) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් පීරිස් මහතා විසින් පවසන ලදී.

එම මිල පහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල්  3840 ක් දක්වා ද,
කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1542 ක් දක්වා ද, අඩු වීම සිදුවේ.

Continue Reading

පුවත්

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

Published

on

By

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී ඇතැයි වාර්තා වේ.

එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය යටතේ සරත් ‍ ෆ‍ොන්සේකාට අමතරව, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක විපුල පීරිස් මහතා ද කණ්ඩායමක් රැගෙන එයට සහභාගි වී තිබේ.

ෆොන්සේකාගේ පිලට වඩා විපුලගේ පිලේ වැඩි පිරිසක් සිට ඇති බවත්, ෆොන්සේකා මේ රැලියට සහභාගිවී ඇත්තේ අනාරාධිතව බවද පැවසේ.

කෙසේවුවද, ෆොන්සේකා මේ තත්ත්වය හේතුවෙන් මැයි රැලියේ වැඩි වේලාක් නොසිට ඉන් පිටව ගොස් ඇති බවද වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved