Connect with us

පුවත්

අමාත්‍යාංශවලට දෙන ප්‍රතිපාදන 5%කින් කපයි ; සමෘද්ධියත් පමා වෙන ලකුණු?

Published

on

මෙවර අයවැයෙන් අමාත්‍යංශ සඳහා වෙන්කළ මුදලින් 05% කපා හැරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියි.

අද (10) දින කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේය.

රාජ්‍ය සේවක, විශ්‍රාම වැටුප් ඇතුළු අනෙකුත් සේවා වියදම් පියවා ගැනීමේ අර්බුදයක් පවතින බවත්, සමෘද්ධි සහ වැඩිහිටි දීමනා ලබාදීම ද සතියකින් හෝ දෙකකින් ප්‍රමාද විය හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

පුවත්

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් උතුරට

Published

on

By

දිවයිනට පැමිණ සිටින යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් හමුවී සාකච්ඡාවක නිරත වී තිබේ.

යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති මෙම හමුවේ දී ජනාධිපතිවරණයට අදාළව උතුරු පළාතේ වර්තමාන තත්වය, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර ඇති බව වාර්තාවේ.

එහිදී ආණ්ඩුකාරවරිය යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින්ට දැනුම් දී ඇත්තේ, මැතිවරණය සාධාරණව පැවැත්වීමට උතුරු පළාතේ සියළු කටයුතු සුදානම් කර ඇති බවය.

Continue Reading

පුවත්

මිල්කෝ කිරිපිටි මිල අඩු වෙයි

Published

on

By

මිල්කෝ කිරිපිටි මිල අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව ග්‍රෑම් 400ක පැකට්ටුවක් මිල රුපියල් 75කින් අඩු කිරීමටයි කටයුතු කර ඇති අතර එහි නව මිල රුපියල් 1050ක් කි.

එමෙන්ම කිරිපිට කිලෝග්‍රෑම්යක මිල රුපියල් 190කින් පහත හෙළීමටයි කටයුතු කර ඇත.

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 2,585කි.

මෙම මිල ගණන් අද (10) සිට ක්‍රියාත්මක වන බව, එම සමාගම නිවේදනය කළේය.

Continue Reading

පුවත්

මැතිවරණ පැමිණිලි 3041ක්

Published

on

By

එළඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව වාර්තා වන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව මේ වනවිට 3041ක් දක්වා ඉහළගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අදාළ පැමිණිලිවලින් මේ වනවිට පැමිණිලි 2271ක් විසඳීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම තවත් පැමිණිලි 770ක් සම්බන්ධයෙන් ක්‍රියා කරමින් පවතින බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

පසුගිය ජූලි මස 31 වැනිදා සිට සැප්තැම්බර් මස 08 වැනිදා දක්වා ලැබී ඇති මැතිවරණ පැමිණිලි සාරාංශ සටහනක් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved