මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමු වී තිබේ.
ඒ, මෙරට ඉදිරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහාය.
මැතිවරණ පැවැත්වීමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් ද ඇය මැතිවරණ කොමිසමෙන් කරුණු විමසා ඇත.
මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා පවසා ඇත්තේ, ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව ඉදිරි මැතිවරණ පවත්වන බවයි.
පසුගිය දින කිහිපයේදී යුරෝපා කොමිසමේ තානාපතිවරුන්, එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ඇතුළු පිරිසක් ද මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හමුවී ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ කරුණු සාකච්ඡා කර තිබේ.