Connect with us

පුවත්

අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 37කින් දිනුම්; TNA මිසින්

Published

on

අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 37 කින් පාර්ලිමේන්තුවේදී අද (22) පස්වරුවේ සම්මත විය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 121ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 84 ක් පමණි.

තමිල් මක්කල් තේසීය කුට්ටනි පක්ෂයේ නායක සී.වී විග්නේෂ්වරන් පනතට ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ඩලස් පිළ, විමල් වීරවංශ ප්‍රමුඛ ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රීවරු පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ඡන්දය විමසන අවස්ථාවේදී සභාගර්භයේ නොසිටියහ.

පුවත්

තලතා වෙනුවට ආ කරූත් මැතිවරණයට නෑ; ඡන්දය දාන්නත් එපා කියයි

Published

on

By

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි කරුණාරත්න පරණවිතාන මහතා මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කර තිබේ.

ඒ හේතුවෙන් ඉදිරි මහ මැතිවරණයේදී තමාට ඡන්දය ප්‍රකාශ නොකරන ලෙස ඔහු ඡන්දදායකයන්ගෙන් ඉල්ලීමක් ද කර ඇත.

ඔහු ප්‍රකාශ කරන්නේ තම පක්ෂය වන එක්සත් ජනරජ පෙරමුණ සහ සමගි ජන බලවේගය අතර අත්සන් කෙරුණු ගිවිසුම කඩවීම හේතුවෙන් මෙලෙස අපේක්ෂක ධුරයෙන් ඉවත් වූ බවයි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අයහපත් කාලගුණය නිසා 3ක් මියගිහින්, දිස්ත්‍රික් 12කට බලපෑම්

Published

on

By

දිස්ත්‍රික්ක 12ක පවුල් 33379කට අයත් පුද්ගලයින් 129,989ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

කොළඹ,ගම්පහ,කළුතර,කිලිනොච්චිය,කෑගල්ල, රත්නපුර, ගාල්ල, හම්බන්තොට, පොළොන්නරුව,නුවර, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් මෙලෙස පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන්කරයි.

ක්ෂණික ජල ගැලීම්,අධික සුළං,අකුණු සහ ගස් කඩා වැටීම් ආදී ආපදා තත්වයන් හේතුවෙන් මෙම පිරිස පීඩාවට පත්ව සිටිති.වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක වලය.ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 200,67කට අයත් පුද්ගලයින් 80,529ක් පීඩාවට පත්ව සිටින අතර,කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 10,904 කට අයත් පුද්ගලයින් 40,231 ක් පීඩාවට පත්ව සිටිති.

පුද්ගල මියයෑම්….

ජල පහරට හසුව කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇත.

48 හැවිරිදි පුද්ගලයෙකු ඉකුත් 11 වැනිදා පානදුර – අඟුරුවාතොට මාර්ගයේ ගමන් කරමින් සිටියදී හල්තොට බෝධිය ආසන්නයේදී ජලය පිරී තිබූ කුඹුරකට වැටී මියගොස් ඇති අතර,කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැලිහිද ග්‍රාම නිලධාරී වසමේදී ඉකුත් 10 වැනිදා ඇළකට වැටී අතුරුදහන්වූ පුද්ගලයාගේ මළ සිරුර පෙරේදා (12 වැනිදා) උදෑසන සොයාගෙන තිබේ.

වැසි තත්වය තව දුරටත් වර්ධනය වුවහොත් දැනට ක්‍රමයෙන් අඩු වෙමින් පවතින ගංවතුර තත්වය නැවත වර්ධනය වියහැකි බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) එස්.පී.සී.සුගීෂ්වර පැවසීය.

දැනට පවතින අයහපත් කාලගුණික තත්වය ඉදිරි දින කීපය තුළදීද පැවැතිය හැකි බවට කාළගුණික අංශ විසින් අනතුරු අගවා තිබෙන බවත්,මේ නිසා කළු,කැලණි,අත්තනගලු ඔය සහ ගිංගගේ ධාරා ප්‍රදේශ වලට ඉදිරි කාලයේදී මිලි මීටර් 100 ක පමණ වැසි ඇද හැළුණහොත් පහසුවෙන් නැවත ගංවතුර තත්ත්වය වර්ධනය වීමේ හැකියාව ඇතැයිද ඔහු සඳහන් කළේය.

ජලයෙන් යටවී තිබෙන මාර්ගවල වාහන ධාවනය සේම ගමන් කිරීම ඉතා අනතුරුදායක බවද වාරිමාර්ග අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේය.

අධික වැසි සමග ගම්පහ,කොළඹ,කළුතර,ගාල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක ආශ්‍රිතව ක්ෂණිකව නාගරික ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බවද ඔහු අනතුරු අඟවන්නේය.

උදෑසන කාලයේදී පවතින වැසි තත්වය අද (14 වැනිදා) සිට අඩු වූවත්,සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ පවතින වැසි තත්වය මෙම 18 වැනිදා දක්වා පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අතුල කරුණානායක පැවසීය.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මෙම වැසි තත්ත්වය බලපාන බවද අධ්‍යක්ෂක ජනරාල්වරයා කීවේය.අකුණු සහිත මෙම වර්ෂාව මිලි මීටර් 75 ත් 100 ත් අතර අගයක පවතින බවත්,කෙටි කාලයක් තුළදී වැඩි සීඝ්‍රතාවයකින් මෙම වැසි ඇද හැලෙන බවද ඔහු සඳහන් කළේය.

(අරුණ)

Continue Reading

පුවත්

සජබේ “බස් ජගත්” නාරංබැද්දගේ ටැග් ලයින්එක උස්සලා (වීඩියෝ)

Published

on

By

මෙවර සමගි ජන සන්ධානයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින ජගත් විතාන නොහොත් “බස් ජගත්” එම සන්ධානයේම එම දිස්ත්‍රික්කයටම තරගවඳින මාධ්‍යවේදී ධනංජය නාරංබැද්දගේ ටැග්ලයින්එක සොරා ගෙන ඇතැයි වාර්තා වේ.

මේ සිදුවීම සම්බන්ධයෙන් ධනංජය අද (13) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ කියා සිටියේය.

කෙසේවුවද, සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලන ප්‍රවීනයින් කියා සිටින්නේ එය ඉතා පහත් වැඩක් බවයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved