Connect with us

පුවත්

අය-වැය වෙනුවට අතුරු සම්මත ගිණුමක්

Published

on

නව රජය විසින් ද ලබන වර්ෂය (2025) සඳහා අය-වැය ලේඛනයක් වෙනුවට මාස 3ක කාලයක් සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

පසුගියදා (15) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව පවසා සිටියේය.

විජිත හේරත් මහතා මෙහිදී සඳහන් කළේ මහ මැතිවරණය නොවැම්බර් 14 දා පවත්වා නොවැම්බර් 21 දින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති බැවින් අය-වැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැති වීම මෙයට හේතුව වී ඇති බවය.

2025 වසරේ මුල් මාස හතර සඳහා රජය අත්‍යවශ්‍ය වියදම් සහ එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය මුදල් සහ අයවැයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම මෙම අතුරු සම්මත ගිණුම හරහා සිදුකරගනු ඇත.

ඉන් අනතුරුව විද්‍යාත්මක පදනමක් මත දැනට පවතින අමාත්‍යාංශ සහ ඒවායේ සේවා වෙන්කර ගැනීම්, ඒවා ගැසට් කිරීම සිදුකිරීමට නියමිතය.

එලෙස විධිමත් ආකාරයට අමාත්‍යාංශ හා විෂයන් වෙන්කර ගැනීමෙන් පසු වසර 2025 සඳහා සම්පූර්ණ අයවැයක් ඉදිරිපත් කිරීම සිදු කෙරේ.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved