Connect with us

පුවත්

අරගලයේ නඩු භාණ්ඩ වෙන්දේසියට අවසර

Published

on

ගාලුමුවදොර අරගල භූමියේ දී 2022 වසරේ මැයි 09 වැනිදා සිදුවූ ගැටුම්කාරී තත්ත්වයෙන් පසු පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නඩු භාණ්ඩ මාස දෙකක් ඇතුළත වෙන්දේසි කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ අදාළ නඩු භාණ්ඩ සම්බන්ධයෙන් වූ නඩුව ඊයේ (22) කැඳවූ අවස්ථාවේදීය.

2022 වසරේ අප්‍රේල් 09 වැනිදා ගාලු මුවදොරදී ඇරඹි අරගලයෙන් මාසයකට පසු එනම් එම වසරේ මැයි 09 වැනිදා එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහාය පළ කළ පිරිසක් හා ගාලුමුවදොර අරගලකරුවන් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

වාහන ගිනි තැබීම්, දේපළ හානි මෙන්ම දේශපාලනඥයින්ගේ නිවාස ගිනි තැබීම ඇතුළු ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් ඉන් පසුව සිදුවූ අතර එම කාලසීමාවේදී පොලිස් භාරයට ගත් නඩු භාණ්ඩ රැසක් අධිකරණයේ තැන්පත් කර තිබුණි.

එම නඩු භාණ්ඩවලට අදාළ නඩුව ඊයේ (22 ) කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ඉදිරියේ කැඳවනු ලැබුණි.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ එලෙස අධිකරණයේ පවතින අරගල භූමියේ තිබූ දේපළ මාස දෙකක් තුළ වෙන්දේසි කර එහි මුදල් අධිකරණයේ තැන්පත් කරන ලෙසයි.

විනිසුරුවරයා මෙම තීන්දුව ලබාදුන්නේ පැදුරු, කොට්ට, ජෙනරේටර් ඇතුළු එම භාණ්ඩවලට අයිතිවාසිකම් කීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම හේතුවෙනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ නඩුවේ විමර්ශන අවසන් කර නීතිපති උපදෙස් සඳහා එම ගොනුව යොමු කර ඇති බවය.

මෙම සිද්ධියේදී සැකකරුවෙකු ලෙස නම් කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මේ වන විට අභාවප්‍රාප්ත වී ඇති බව එහිදී පොලිසිය අධිකරනය හමුවේ කියා සිටියේය.

අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මිලාන් ජයතිලක. ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු අනෙක් සැකකරුවන් 36 දෙනාගෙන් 30 දෙනෙකු ඊයේ විවෘත අධිකරණයේ පෙනී සිටියහ.

මෙම සිද්ධියට අදාළ නඩුව නැවත නොවැම්බර් මස 6 වෙනිදා කැඳවීමට නියමිතයි.

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, July 1, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved