පුවත්

අර්චුනාගෙන් මිලියන 100ක වන්දියක් ඉල්ලයි

Published

on

යාපනය දිස්ත්‍රීක් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා තමන්ට හා රෝහලේ කීර්තිනාමයට අපහාස කලේ යැයි පවසමින් මන්ත්‍රීවරයාට එරෙහිව රුපියල් මිලියන 100 ක් ඉල්ලා යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී. සත්‍යමූර්තී මහතා යාපනය අධීකරණයේදී අපහාස නඩුවක් ගොනුකර තිබේ.

යාපනය මහරෝහලට ඇතුල් වී කාර්ය මණ්ඩලයට බාධා කිරීම සහ රෝහල් අධ්‍යක්ෂක ටී.සත්‍යමූර්ති වෛද්‍යවරයාට අපහසාත්මක අයුරින් බැනවැදීම ආදි කරුණු සම්බන්ධයෙන් පසුගිය 17 වනදා රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා යාපනය අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව රෝහල් අධ්‍යක්ෂක වරයා විසින් මෙලෙස අපහාස නඩුවක් ගොනු කරන ලදී.

රෝහල් අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ අවස්ථා කිහිපයකදීම අර්චුනා මන්ත්‍රීවරයා විසින් තමන්ට බැනවැදීම, තර්ජනාත්මක ස්වරූපයෙන් මෙන්ම අපහාස කිරීම ආදී කරුනු සැලකිල්ලට ගනිමින් තමන්ගේ කිර්තිනාමයට හානිවීම හේතුවෙන් මෙලෙස අපහාස නඩුවක් ගොනු කළ බවය.

Trending

Exit mobile version