ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදාගනිමින් මෙරටට ඇතුළුවීමට උත්සහ කළ චීන ජාතිකයා නිදහස් කිරීමට කටයුතු සිදුකරනු ලැබුවේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම සලකා බැලීමට පෙර බව ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා කියා සිටී.
ඔහු මේ බව පවසා ඇත්තේ අදාළ චීන ජාතිකයා නිදහස් කරනු ලැබුවේ එම චීන ජාතිකයා සිය අමාත්‍යංශය යටතේ ඉදිවන නිවාස යෝජනා ක්‍රමයකට ආයෝජනය කිරීමට පැමිණි පුද්ගලයෙකු බවට රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ලිඛිතව ඉලුක්පිටිය මහතාට දැන්වීමෙන් පසුව දැයි මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමිනි.
අරුන්දික අමාත්‍යවරයා විසින් ඉලුක්පිටිය මහතා වෙත යොමුක තිබූ ලිපිය
කෙසේවුවද, සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
සබැදි පුවත්
ලංකාවට ඇතුළු වෙන්න කටුනායක යකා නැටූ චීනා !