හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාව අල්ලස් කොමිසම හමුවේ කැඳවීමට පියවර ගැනීම සම්බන්ධව හිටපු ජනාධිපතිවරයා අද(11) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන්ව ඇත්තේ අල්ලස් කොමිසමේ ක්රියාපිළිවෙල සම්බන්ධව හිටපු ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවය.
හිටපු ජනාධිපතිවරයාව කැඳවීමට දින ලබා දී ඇත්තේ සිංහල හින්දු අලුත් අවුරුදු සමය තුළ බවත් මෙම කාලසීමාවේදී ඔහුත් ඔහුගේ නීතීඥයින් කොළඹ රැඳි නොසිටින බැවින් වෙනත් දිනයක් ඉල්ලීමටත් පියවර ගෙන ඇති බවත් අදාළ නිවේදනයේ සඳහන්ය.
නිවේදනය නිකුත් කරමින් රනිල් මහතා පෙන්වා දෙන්නේ අල්ලස් කොමිසමේ වේගය ලෝක වාර්තාවක් තැබිමට සමාන බවත් මිට පෙර මෙවනි ආකාරයට කටයුතු කර නොමැති බවත් ය.
ඒ අදාල ප්රකාශය සිදුකර පැය 18ක් යාමට මත්තෙන් එනම් අද (11) දහවල් 12:30 පමණ වන විට අදාළ කැඳවිමේ ලිපිය හිටපු ජනපතිගේ කාර්යාලයට ලැබිම හේතුවෙනි.
අල්ලස් කොමිසමේ නිළධාරීන්ගේ රාජකාරී නොකරන රාත්රි කාලය අඩු කල විට පැය තුනක පමණ කාලයක් ඇතුලත ලිපි ගොනු සකසා අධ්යක්ෂක වෙත යොමු කර මේ සඳහා කොමිසන් සභාවද රැස් කර තිබෙන බව සිය නිවේදනයෙන් රනිල් මහතා විසින් වැඩිදුරටත් පෙන්වා දෙනු ලබයි.
සබැඳි පුවත්:
අල්ලස් කොමිසමෙන් රනිල්ට කැඳවීමක්