පුවත්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට අයදුම්පත් කැඳවයි

Published

on

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීම සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තුමේන්තුව 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතෙහි (සංශෝධන පරිදි) විධිවිධාන යටතේ මෙම අයදුම්පත් කැඳවීම සිදු කරන බවය.

ඒ සඳහා සුදුසුකම්ලත් තැනැත්තන් අදාළ අයදුම්පත්‍ර පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි (www.parliament.lk) ක්ෂණික සබැඳි යටතේ (අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත්කිරීම) නමින් පලකර ඇති ආකෘතිය අනුව පිළියෙල කළ යුතුය.

ඒ අනුව,  නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2024 ඔක්තෝබර් මස 28 වැනි දින හෝ ඊට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව-කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@parliament.lk යන යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතු බව දැනුම් දී තිබේ.

එමෙන්ම ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ / විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් ” අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීම” යනුවෙන් සඳහන් කළ යුතුය.

Trending

Exit mobile version