පුවත්

අල්ලස් මහ පුටුව දෙන්න 16ක් ගැන අද පරීක්ෂණයක්

Published

on

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල් පුරප්පාඩුව සඳහා අයදුම්පත් යොමු කළ 16 දෙනෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සම්මුඛ පරීක්ෂණ සඳහා අද (30) කැඳවා ඇතැයි වාර්තා වේ.

මෙම සම්මුඛ පරීක්‍ෂණයෙන් පසු සුදුස්සකු තෝරා ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය සඳහා එම සභාව පසුගියදා අයදුම්පත් කැඳවීය.

අල්ලසූ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පත් කෙරුණු වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ එම ධූර කාලය ලබන මස 8 වැනිදායින් අවසන් වීමට නියමිතය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය එම කොමිසමේ ප්‍රධාන නිලතල අතරට අයත් වූවකි.

Trending

Exit mobile version