පුත්තලම් දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රි රහීම් මහතා පක්ෂයෙන් නෙරපා හැරීමට රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්රසය තීරණය කර තිබේ.
“පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රි රහීම් මහතා සම්බන්ධයෙන් පක්ෂයේ විනය කමිටුව මගින් කළ විමර්ශන මාලාවකින් පසුව ඔහුව පක්ෂයෙන් ඉවත් කිරීමට තීරණය කරනු ලැබුවා. වගකිව යුතු ජනතා නියෝජිතයෙක් වන අලි සබ්රි රහීම් මන්ත්රීවරයා නීති විරෝධී ලෙස රත්රං ජාවාරම් කළ සිද්ධිය අප පක්ෂයටත්, ජන සමාජයටත්, ඔහුව තෝරා පත් කර ගත් ජනතාවටත් සහ රටටත් අපකීර්තියක් ඇති කල නිසා ඔහුගේ සාමාජිකත්වය ඉවත් කිරීමට තීරණය කරනු ලැබුවා,” යැයි එම පක්ෂයේ සභාපති එම්.එස්.එස්. අමීර් අලි මහතා පවසයි.
එම ලිපිය භාරගත් මුස්ලිම් ජාතික සන්ධානයේ ලේකම් නයීමුල්ලා මහතා මේ සම්බන්ධයෙන් ඉක්මන් පියවර ගැනීමට පොරොන්දු වූ බවද අලී මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.
පසුගිය මැයි මාසයේදී කටුනායක ගුවන්තොටුපොළ හරහා රත්රං හා ජංගම දුරකථන නීතිවිරෝධීව මෙරටට රැගෙන ඒමේදී මන්ත්රීවරයාව රේගු භාරයට ගැනුණි.