පුවත්

අලුත් ලකුණකින් විජේදාස ඡන්ද සටනට?

Published

on

තමන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ගැටලු පැන නොනගිනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාරණයට ලක් වූ සභාපති, අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මහනුවරදී ඊයේ (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්‍රික්කයේ කොට්ඨාශ නියෝජිත හමුව ඊයේ පැවැත්වුණේ පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ වාරණයට ලක්වූ සභාපති අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

“ජනාධිපතිවරණයට එනවා. අපි දිනනවා. ඊට පසසේ මට විරුද්ධව ආපු නඩු ටික ඔක්කොම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිෂ්ප්‍රභ වෙනවා. එතකොට පක්ෂ නායකත්වය ගැන ගැටලු එන්නේ නෑ. පක්ෂයේ නායකත්වය සහ ‍තනතුරු දරනවා කියන අය‍ මේ මහනුවරට ආවොත් එහෙ ගහලා පන්නනවා කිව්වා පාක්ෂියෝ. පාක්ෂිකයෝ යහතින් ඉන්නවා. අර පැනපු කණ්ඩාමේ අය 10ක් 12ක් එයාලගේ මඩි තර කර ගන්න පක්ෂය පවා දෙන්න උත්සහ කරනවා.”


“ඡන්දයක් ආවාම ගොඩක් වෙලාවට ඉල්ලුවේ වෙන ලකුණු වලින්. පුටුවෙන්, බුලතින්, හංසයාගෙන්, පොහොට්ටුවෙන්. එතකොට මේ මැතිවරණයට පසු ගිය දශකයේ ලාංඡන ගැලපෙන එකක් නෑ. අපි අලුත් ලාංඡනයක් හඳුන්වා දෙනවා.”

Trending

Exit mobile version