පුවත්

අලුත් IDවලින් 4%ක් අවුල්

Published

on

2022 සිට 2023 දක්වා ගතවූ වසරක කාලය තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත්වලින් 22,497ක් හෙවත් 4%ක් දෝෂ සහගතය.

මෙම දෝෂ සහිත හැඳුනුම්පත් PVC වර්ගයට හා හලකාබනේට් වර්ගයට අයත් බව රාජ්‍ය ගිණුම්කාරක සභාව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන්ය.

මේ නිසා විශාල මුදලක් හානි වී ඇති නමුත් ඊට අදාළ තොරතුරු කිසිවක් විගණනයට ඉදිරිපත් කර නොමැති බවද රාජ්‍ය ගිණුම් කාරක සභාවේ නවතම වාර්තාවේ සඳහන්ය.

මෙලෙස දෝෂ සහිත හැඳුනුම්පත් නිකුත් කිරීමෙන් මුදල් ගෙවා ඒවා ලබාගත් පුරවැසියන් බලවත් පීඩාවකට ලක්ව ඇතැයි වාර්තා වෙයි.

(දේශය)

Trending

Exit mobile version