පුවත්

අල ටෙන්ඩරයක් පාතාලය අතට, රජයට ලක්ෂ 60ක පාඩුවක්

Published

on

විදෙස්ගත පාතාල නායකයන් මෙහෙයවන සංවිධානාත්මක කණ්ඩායම්වල මැදිහත්වීමෙන් අල කන්ටේනර් හතරක් අඩු ලංසුවකට ටෙන්ඩරයෙන් ගෙන වැඩි මිලට වරාය තුළදීම විකුණා ඇති බව “අරුණ” පුවත්පත වාර්තා කර තිබේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ චීනයෙන් අර්තාපල් ආනයනය කළ පුද්ගලයන් මෙම කන්ටේනර නිදහස් නොකිරීම හේතුවෙන් වරාය අධිකාරියෙන් අර්තාපල් කන්ටේනර් හතර සඳහා පසුගිය ජනවාරි 01 වැනිදා ටෙන්ඩර් කැඳවා තිබූ බවයි.

මෙහිදී අතරමැදි ගැනුම්කරුවන් මැදිහත්වී අල කිලෝවකට රුපියල් 120ක අඩු ලංසුවක් තබා ටෙන්ඩරය ලබාගෙන ඇත්තේ දූෂිත නිලධාරීන් කිහිපදෙනකුගේද සහාය ඇතිව බවද පැවසේ.

මෙම සතියේ සතොස වෙළෙඳසල්වල ආනයනික අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 180ක්ද සිල්ලර මිල රුපියල් 210ක් වන අතරේ අඩු ලංසුවක් තබා මෙම කණ්ඩායම් විසින් ටෙන්ඩරය ලබාගෙන ඇත.

ඉන්පසුව සෙකන්ඩ් සේල් දමා වරායේදීම ව්‍යාපාරිකයන්ට වැඩි මිලකට විකුණා ඇතැයි හෙළිවී තිබේ.

පාතාල කල්ලිවල මැදිහත්වීමෙන් වරායේ සිදුකරන මෙවැනි දූෂිත ටෙන්ඩර් දිගින් දිගටම සිදුවීමෙන් රජයට ලැබෙන ආදායම් අහිමි වී යන බව සේවකයෝ පෙන්වා දෙති.

මෙම අල කන්ටේනර් හතර තුළ අල කිලෝ ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් තිබී ඇත. 

මෙවැනි ටෙන්ඩර රාජ්‍ය ආයතන මිලදී ගන්නේ නම් පාරිභෝගිකයන්ට සහන මිලකට භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව ලැබෙන බවද ඔවුහු පෙන්වා දෙති.

මෙම ටෙන්ඩරය පාතාල කණ්ඩායම්වල බලපෑම මත අඩුමිලකට ලංසු තැබීමෙන් රුපියල් ලක්ෂ හැටකට අධික මුදලක් රජයට අහිමි වී ඇති බවද එම පුවත්පත හෙළිකර තිබේ.

Trending

Exit mobile version