පුවත්

අවුරුදු සමයේ අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන්නැයි උපදෙස්

Published

on

උත්සව සමයේදී  සිදුවන හදිසි අනතුරු වළක්වා ගැනීම සඳහා කටයුතු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය ජනතාවට දැනුම් දෙයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පැවසුවේ , සෑම වසරකම අවුරුදු සතිය තුළ පුද්ගලයින් 28,000 –  30,000 අතර සංඛ්‍යාවක් අනතුරු හේතුවෙන් රෝහල් ගතවන බවයි.

අවුරුදු සතිය තුළ පුද්ගලයින් 75 ත් 100 ත් අතර සංඛ්‍යාවක් අනතුරු හේතුවෙන් මියයන බවද ඔහු සඳහන් කළේ ය.

Trending

Exit mobile version