Connect with us

පුවත්

“අවුරුදු 43කට පෙර දළදා හිමි වීඩියෝ කළේ කවුදැයි තවම දන්නේ නැහැ”

Published

on

මීට වසර 43කට පෙර එනම් 1982 වසරේ ශ්‍රී දළදා වහන්සේගේ වීඩියෝවක් ලබාගෙන ප්‍රසිද්ධියට පත් කිරීම ගැන තොරතුරු පොලිසියට ඉදිරිපත් කළද ඒ පිළිබඳ විමර්ශනවලට කුමක් වූවාදැයි මේ දක්වා කිසිවකු නොදන්නා බව හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න මහතා කියා සිටී.

තමා එවකට ශ්‍රී දළදා මාලිගාවේ වැඩබලන දියවඩන නිලමේවරයා ලෙස කටයුතු කළ බැවින් එම වීඩියෝ සිද්ධිය පිළිබඳව හා අදාළ පොලිස් පරීක්ෂණ කෙරෙහි උනන්දු වූ නමුත් අද දක්වා එම පරීක්ෂණ කටයුතුවලට සිදු වූයේ කුමක්දැයි පොලිසිය විසින් ශ්‍රී දළදා මාලිගාව හෝ තමන් දැනුවත් කර නොමැති බවද හිටපු දියවඩන නිලමේවරයා සඳහන් කළේය.

එම වකවානුවේ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා වූයේ තම පියා වූ ආචාර්ය නිශ්ශංක විජයරත්න බවත්, ඔහු එවකට රජයේ අධිකරණ ඇමැතිවරයා ලෙසද කටයුතු කළ බැවින් වහාම ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරන ලෙස පොලිසියෙන් ඉල්ලීමක් කළ ද මෙතෙක් ගත් කිසිදු නීතිමය පියවරක් දැනුවත් නැති බවත් හෙතෙම කීවේය.

එම අවස්ථාවේ දළදා වහන්සේගේ ඡායාරූප ලබාගෙන ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ විදේශිකයකු බව පසුව ඒ පිළිබඳව සොයා බැලූ තමාට සොයා ගත හැකි වූ බවද හිටපු දියවඩන නිලමේවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙවරද කවරකු විසින් හෝ එවැනිම ආකාරයෙන් ඡායාරූප ගෙන ප්‍රසිද්ධියට පත් කර ඇති අතර ඒ පිළිබඳ වන පොලිස් පරීක්ෂණවලට මීට වසර 43කට පෙර සිදු වූ ඉරණමම අත් නොවේවායි ප්‍රාර්ථනා කරන බවද හෙතෙම කීවේය.

(අරුණ)

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved