Connect with us

පුවත්

අශේන්ගේ අලුත් කැම්පේන් එකටත් කේස්

Published

on

මැතිවරණ කොමිශන් සභාව විසින් නාමයෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබූ අශේන් සේනාරත්න සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව ප්‍රජාතන්ත්‍රීක ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතයේ මංජුල ගජනායක මහතා පවසයි.

ඔහු තවදුරටත් සඳහන් කළේ මැතිවරණ කොමිෂන් සභාව සිය නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද අනුමත කර ඇති පසුබිමක අශේන් වෙනත් ස්වාධීන කණ්ඩායමක ජාතික ලැයිස්තුවෙන් තරඟ කරන බව පවසමින් විශාල ප්‍රචාරණ ක්‍රියාවලියක නිරත වෙන බවය.

මෙය පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් මෙන්ම ඔහුගේ හැසිරීම අයුතු බලපෑම යන වරටද යටත් වන බව මංජුල ගජනායක මහතා අවධාරණය කරයි.

“තමන්ට ඡන්දය ලබා දෙන ලෙස හෝ වෙනත් තැනකට ඡන්දය ලබා නොදෙන්නැයි විවිධ උපක්‍රම භාවිත කරමින් අයුතු බලපෑම් කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නැහැ. මැතිවරන කොමිසමේ තීරණය අධිකරණය  මඟින් මේ වන විටත් සනාථ කර තිබියදී වෙනත් දේශපාලන පක්ෂයකින් ඉල්ලනවා යැයි කීම අධිකරණයට අපහාසයක්. මෙවැනි ව්‍යාජ තරුණ ප්‍රචාරකයින් උත්කර්ෂයට නංවන්නට එපා. තරුණ දේශපාලන නියෝජනය කියන්නේ මේක නෙමෙයි. මොහු සමහරවිට අදාළ ස්වාධීන කණ්ඩායමෙන් මුදල් ලබාගෙන වෙන්නට පුළුවන්, එම නිසා අපි මේ වන විටත් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල්ලක් ඉදිරිපත් කරලා තියෙන්නෙ පොලීසියට මේ සම්බන්ධයෙන් සොයා බලන්න”

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved